පොලීසියේ ඉහළ නිලධාරීන් 12කට වාහම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්
පොලීසියේ ඉහළ නිලධාරීන් 12දෙනෙකු වාහම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ස්ථාන මාරු කළ පිරිස අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 04 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙකු හා පොලිස් අධිකාරීවරුන් 04 දෙනෙකු ද වේ.
පොලිස් කොමිසම පැවසුවේ, පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් රටේ ඇති වූ හා ඇති විය හැකි අනාරක්ෂිත තත්ත්වය හා ජාතික ආරක්ෂාවට බලපාන තර්ජන සලකා බලා මේ තීරණය ගත් බවයි.