News

පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 19කට වහාම ස්ථාන මාරුවීම්

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 19දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

පොලිස් මූලස්ථානය සදහන් කළේ සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි.

ස්ථාන මාරුවීම් ලබා දුන් අය අතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 09 දෙනෙකු සහ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු ද වේ.

බස්නාහිර දකුණු දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එස්. ඩබ්ලිව්. එම්. සේනාරත්න මහතා යාපනය දිසාවට මාරු කර යවා ඇත.

යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති කේ. කඩුපිටිය මහතා බස්නාහිර පළාත දකුණු දිසාවට ස්ථාන මාරු කර තිබේ.