News

පොහොට්ටුවේ ප්‍රථම මහා සමුළුව පළාත් පාලන මන්ත්‍රීවරුන්ගෙන්ම පිරෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අද (11දා) පැවැත්වෙන ප්‍රථම මහ සමුළුවට එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රී සංසදයට හා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයට පමණක් සහභාගි වන විට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය පිරීයන බව වාර්තා වේ.

දිස්ත්‍රික් බල මණ්ඩලවල හා තරුණ, කාන්තා, වෘත්තීය සමිතිවල නියෝජිතයන්ට පමණක් සහභාගි වීමට අවස්ථාව ලබා දී තිබේ. මීට හේතු වී ඇත්තේ පළාත්පාලන මන්ත්‍රී කණ්ඩායමේ මන්ත්‍රීවරුන් හාරදහසකට වැඩි සංඛ්‍යාවක් සිටීම නිසාවෙනි.
මෙම තත්ත්වය මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විදේශ ශාඛාවල නියෝජිතයන්ගේ සහභාගිත්වයද සීමා කිරීමට එම පක්ෂය තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරි සතිවල පැවැත්වෙන තරුණ, කාන්තා, ගොවි, වෘත්තීය සමිති ආදී සමුළුවලට ඒ ඒ අංශවල සාමාජිකයන්ට සහභාගි වීමට ඉඩ ප්‍රස්ථාව සලසා දී තිබේ.

චමින්ද සේනාරත්න