News

පොහොට්ටුවේ වේදිකාවට නැග්ගයි ශ්‍රීලනිප තනතුරුවලින් ඉසුර ඉවතට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභික, මහරගම ආසන සංවිධායක හා බස්නාහිර පළාත් හිටපු මහ ඇමැති ඉසුර දේවප්‍රිය පක්ෂයේ දැරූ එම තනතුරුවලින් ඉවත්කර ඇති බව වාර්තා වේ.

හෝමාගම දී පසුගිය 06 වැනිදා පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම හේතුවෙන් එම තනතුරුවලින් ඉවත්කර ඇත.

මේ සම්බන්ධයෙන් ඉසුරු දේවප්‍රියගෙන් අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දීමට 05 වැනිදා රැස් වූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කිරීමෙන් පසුව තමා එම කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ බවයි. එසේ තිබියදී තමන් දැරූ පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ බව පක්ෂ මූලස්ථානය දැනුම් දුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

චමින්ද සේනාරත්න