News

පොළොන්නරුව අභයපුර පූමාඩිය ගම්මානයේ 43ක් නිරෝධායනයට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකු හදුනාගැනීමත් සමග පොළොන්නරුව ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගම්මාන 12ක් හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

එම පුද්ගලයා වාසය කළ පොළොන්නරුව අභයපුර පූමාඩිය ගම්මානයේ පවුල් 11කට අයත් පුද්ගලයින් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට ද පියවර ගෙන ඇත.