News

පෞද්ගලික අංශයට බදු දුන් රජයේ වතු 438න් අඩකම වැඩ කොට උඩ

පනස් අවුරුදු බදු පදනමට පෞද්ගලික අංශයට ලබාදී ඇති රජයේ වතු 438ක තිබූ තේ හා රබර් කර්මාන්ත ශාලාවලින් අඩකට වඩා මේ වන විට වසා දමා ඇති බව වාර්තා වේ. තේ කර්මාන්ත ශාලා 400ක් පමණ තිබී ඇති අතර ඉන් මේ වනවිට කර්මාන්තශාලා 200ක් පමණ සක්‍රිය මට්ටමේ පවතින බව කියැවේ. 1989දී හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස රජය සමයේ ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවට හා ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් තේ රබර් වතු 438ක් සමාගම් 23කට තිස් අවුරුදු බද්දකට ලබාදී ඇත. 1996 වර්ෂයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණඩාරනායක කුමාරතුංග රජය සමයේ එම බදු කාලය වසර 50ක් දක්වා දීර්ඝ කරන ලදී.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ජනවසම, යටතේ වතු 16ක්ද, රාජ්‍ය වැවිලි සංස්ථාව යටතේ වතු 12ක්ද ඇල්කඩුව වැවිලි සමාගම යටතේ වතු 13ක්ද වශයෙන් වතු 41ක් රජයේ සමාගම් යටතේ මේ වන විට පාලනය වේ.

රංජිත් ගුණවර්ධන