News

පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට තීරණයක්

විදුලිය අර්බුදයට විසඳුමක් ලෙස පෞද්ගලික බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

මාතර හා සපුගස්කන්ද ප්‍රදේශවල පිහිටි එම බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට මීට පෙර කැබිනට් අනුමැතිය ද හිමිව ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කරයි.

මින් ලබා ගැනීමට අපේක්ෂිත විදුලිය ධාරිතාව මෙගාවොට් 75ක් වන අතර පවතින විදුලිය අර්බුදය විසඳෙන තෙක් පෞද්ගලික ආයතනවලට විදුලි ජනන යන්ත්‍රවලින් සිය අවශ්‍යතා සපුරා ගන්නා ලෙස එම ආයනතවලට උපදෙස් දුන් බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.