News

පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ට රු. 5000ක දීමනාවක්

රට තුළ මේ වන විට වසංගත තත්ත්වය හේතුවෙන් අසරණව සිටින පෞද්ගලික බස් රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්ටත් රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට ජනපති එකගත්වය පළ කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඊයේ (08) සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් සඳහා විෂබීජ නාශක කුටීරයක් අමාත්‍යවරයා අතින් විවෘත කළ අතර එම අවස්ථාවට සහභාගිවෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

කොරෝනා වෛරසය හේතුවෙන් ආදායම් මාර්ග නොමැතිව මේ වනවිට අසරණභාවයට පත්ව සිටින පුද්ගලික බස් රථ රියැදුරන් හා කොන්දොස්තරවරුන්ට රජය විසින් දැනට ස්ථිර ආදායම් මාර්ග නොමැතිව සිටින පුද්ගලයින්හට ලබා දෙන රු. 5000 සහන දීමනාව ලබා දෙන ලෙස තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් ඊයේ (08) කරන ලද ඉල්ලීමට අනුමැතිය ලබාදුන් බව විදුලිබල, බලශක්ති හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේය.