පෞද්ගලික ෆාමසි 3500කින් ක්‍රම තුනකට ඖෂධ බෙදයි
දිවයින පුරා පිහිටි පෞද්ගලික ෆාමසි 3500ක් විවෘත කර ක්‍රමවේද තුනක් ඔස්සේ රෝගීන්ට ඖෂධ බෙදා හැරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඊයේ (06 වැනිදා) තීරණය කෙළ්ය.
ඒ අනුව ඔන් ලයින් ක්‍රමයට ඖෂධ අලෙවි කිරීම, වෛද්‍ය නිර්දේශ සහිත තුණ්ඩුව ෆාමසියට රැගෙන එන කිසියම් පුද්ගලයකුට ඖෂධ ලබා දීම සහ ග්‍රාම නිලධාරීන් නම් කරන විශේෂ නියෝජිතයකුට ඖෂධ ලබාදීමට නියමිතය. ග්‍රාම නිලධාරී නම් කරන මෙම විශේෂිත නියෝජිතයා ගමේ රෝගීන්ට අවශ්‍ය ඖෂධ රැගෙන යා යුතුය.
එමෙන්ම අවශ්‍ය තරම් ඖෂධ මෙරට ඇති බැවින්, ඖෂධ ගබඩා කිරීමෙන් වළකින ලෙසද ඖෂධ ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කර සිටී.
ඖෂධ බෙදා හැරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය ඇතිවය.
උදයජීව ඒකනායක
