බගවන්තලාව එකම පවුලේ 09දෙනෙක්ට කොවිඩ්
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලක 9 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇතැයි තහවුරු වි තිබේ.
එම පවුලේ ගෘහමූලිකයාට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් දික්ඔය මූලික රෝහලට ඇතුලත් කිරීමේ දී පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එම වාර්තාව අනුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
පසුව පවුලේ සෙසු සාමාජිකයින් 08දෙනෙකු ස්වයං නිරෝධනයට යොමු කර තිබේ.
ඔවුන් ස්වයං නිරෝධනයේ සිටියේ සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂාවෙන් ඔවුන්ටද වෛරසය ආසදනය වී ඇති බව තහවුරු වී තිබේ.