News

තාවකාලිකව බඩ ඉරිඟු වගාව නතර කරන ලෙස ගොවීන්ට උපදෙස්

යල කන්න සඳහා නැවත දැනුම් දෙනතුරු බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂි කර්ම අධ්‍යක්ෂ ජනරාල් ඊයේ (26) දින ගොවීන්ට දැනුම් දි ඇත.

බඩ ඉරිඟු වගාවේ ඉතා සීඝ්‍රයෙන් පැතිර යන “සේනා දළඹු” විශේෂය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වන අතර මේ වන විට බඩ ඉරිඟු වගාව හැරුණු විට ⁣බෝග කිහිපයකටම සේනා දළඹු හානිය සිදු වි ඇති හේතුවෙන් මෙම දළඹුවා මර්ධනය කිරිම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් මත කෘෂි නිලධාරින් ඇතුළු අදාල අංශ මෙම පියවර ගෙන ඇත.