News

බදියුදින්ට එරෙහි විශ්වාසභංගයට බැසිල් විරුද්ද වූ බවට පලවන්නේ අසත්‍ය ප්‍රචාරයක්

රිෂාඩ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා විරුද්ධත්වය පල කළ බවට ප‍්‍රචාරය වන අදහසෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව පොදු ජන පෙරමුණ සඳහන් කරයි.

අද උදෑසන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේ දී ඉහත කාරණාව සම්බන්ධයෙන් කරුණු සාකච්ජාවට ගෙන ඇති නමුත් එහි දී රිෂාඞ් බදියුදින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතා වාචිකව හෝ ඉගියකින් හෝ කිසිදු ආකාරයක විරුද්ධත්වයක් ප‍්‍රකාශ කර නොමැති බවත් එබැවින් බැසිල් රාජපක්ෂ මහතා විසින් විශ්වාසභංග යෝජනාවට විරුද්ධත්වය පල කළ බවට පැතිර යන අසත්‍ය ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්ෂේප කරන බවත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.