බදු සහන නොදෙන ක්ෂේත්‍ර ගැන විමසිල්ලෙන්
බේකරි නිෂ්පාදන හිමිකරුවන් සහ හෝටල් ක්ෂේත්රයේ ව්‍යාපාරිකයින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කැදවීමට පියවර ගෙන තිබේ.
රජය විසින් යෝජිත බදු සහන ජනතාවට ලබානොදීම සම්බන්ධයෙන් මොවුන් මෙලෙස ආදායම් දෙපාර්තමේන්තුවට කැදවීමට තීරණය කර තිබේ.
ඊයේ දිනයේදී බේකරි නිෂ්පාදන හිමිකරුවන් කැදවා බදු සහන ලබානොදීම සම්බන්ධයෙන් විමසා ඇති අතර මෙම සතිය තුළ හෝටල් ක්ෂේත්රයේ ව්‍යාපාරිකයින් කැදවීමට නියමිතව ඇත.
බදු සහන ජනතාවට ලබානොදෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් දිගින් දිගටම විමර්ශන සිදුකරන බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ මහතා පැවසුවසා සිටියේය.
