News

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් වැඩ භාර ගනී

නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා අද (11) වැඩ භාර ගනී.

13 වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී.එම්.ජයසිරි විජයනාත් මහතා අද වැඩ භාර ගත් අතර බන්ධනගාර මුලස්ථානයේදි සුභ මොහොතින් වැඩ භාර ගත් ඒ මහතා මීට පෙර කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.