News

බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයාගැනේ

ඇල්ල, රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල අඹදණ්ඩේගම, බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනා සොයා ගැනීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් ට හැකි විය.

ඊයේ (25) දහවල් තවත් පිරිසක් සමඟ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා දියඇල්ලට වැටී අතුරුදන් විය .

ඔවුන් දෙදෙනා සමඟ දියට වැටුණු එක් තරුණයෙක් අසීරුවෙන් බේරී හිසේ තුවාල සහිතව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කර තිබේ .

සිද්ධියෙන් මිය ගියේ කැප්පිටිපොල දිවුරුම්වෙල පදිංචි එම්.බී. ප්‍රසාද් මංජු (21) හා හීල්ඔය උඩ අරාව පදිංචි විශ්ව ප්‍රකාශ් විජේසුන්දර (20) අපොස උසස්පෙළ ශිෂ්‍යයෙකි. සිද්ධියෙන් දිවිගලවාගෙන ඇත්තේ සුමිත් චාමර ජයසේකර (23)නමැති හීල්ඔය අම්පිටිය පදිංචි තරුණයෙකි .

මෙම තරුණයන් තිදෙනා මිතුරන් වන අතර ඔවුන් තිදෙනා සමග පවුලේ ඥාතින් කීපදෙනෙක්ද දිය නෑමට ගොස් ඇතත් පවුලේ අය ‘කලුවල‘ නැමති ස්ථානයේ දිය නාද්දි මෙම මිතුරන් තිදෙනා දියඇල්ලේ පහළට ගොස් තිබේ.

වැලිමඩ – ප්‍රේමලාල් රත්නායක