බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ 7ක් අත්අඩංගුවට
විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් 7 දෙනෙක් මැණික් ගැරිමට උපයෝගි කර ගත් උපකරණ රැසක් සමග ඊයේ (05) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසනවා.
බගවන්තලාව කොටියාගල වතු යායේ මැද කොටසේ තෘණ බිමක විශල වලවල් හාරා පරිසර විනාශයක් සිදු කරමින් පිරිසක් මැණික් ගරමින් සිටින බවට පොලිසියට ලද තොරතුරක් මත සිදු කල මෙහෙයුමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදංචිකරුවන් බවත්, එම සැකකරුවන් අතරින් සැකකරුවන් කිහිපදෙනෙකු අනවසරෙන් මැණික් ගැරිමේ ජාවාරම්වල නිරතව සිට මිට ප්‍රථම නිතියේ රැහනට කොටු වි අධිකරණය හමුවේ චුදිතයන් වු අය බවයි බගවන්තලාව පොලිසිය කියා සිටියේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් ඇප මත මුදා හැර ඔහුන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බවයි බගවන්තලාව පොලීසිය පැවසුවේ.
හැටන් රංජිත් රාජපක්ෂ