News

බලපත්‍ර නොමැතිව මැණික් ගැරු 07ක් මාට්ටු

බගවන්තලාව පෙට්ට්‍රාසෝ වත්තේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි පුද්ගලයන් 07දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේ බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් මෙම පිරිස බලංගොඩ ප්‍රදේශයේ පදිචිකරුවන් වන අතර ඔවුන් 21 ත් 32ත් වන වයස්වල පසුවන්නන්ය.

අත්අඩංගුවට ගත්  පිරිස අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.