News

බලාගාර අළු වලින් ගඩොල් නිෂ්පාදනයක්

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් ඉවතලන අළු භාවිත කරමින් ගඩොල් නිෂ්පාදනය සිදුකර ඇති අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් එම නිපදවීම පරීක්ෂණයක ප්‍රතිපලයක් ලෙස ඉදිරිපත් කර ඇති බව වාර්තාවේ.

ගල් අඟුරු අළුවලට අමතරව සිමෙන්ති සහ හුණු ප්‍රමාණයක් ඒ සඳහා භාවිත කරන බවයි එම විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් දිසානායක මහතා පවසා ඇත්තේ.

එම ගඩොල දිග අඩි දෙකක් සහ පළල අඟල් හයක් සහ උස අඟල් හතරකින් යුක්ත වන අතර ගඩොල භාවිතයේදී වැලි සිමෙන්ති සහ කම්බි භාවිතය අවම කළ හැකි බව මහාචාර්යවරයා සඳහන් කරනවා.