News

බස් ගාස්තු අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට පහලට

අනිද්දා (26) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසයි.

ඒ අනුව අවම බස් ගාස්තුව වන රුපියල් 12 අඩු නොවන අතර දෙවන අවම බස් ගාස්තුව වන රුපියල් 15, රුපියල් 14 දක්වා අඩු කරන බව අද (24) පස්වරුවේ මාධය හමුවකදි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තවද පාසල් සිසුන් ප්‍රවාහන රථවල ගාස්තුව සියයට 3කින් අඩු කිරිමට කටයුතු කර ඇත. එමෙන්ම ත්‍රී රෝද රථවල පළමු කිලෝමීටරය සඳහා අයකරණ ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇති බව අර්ජුණ රණතුංග මහතා පවසයි.