බස් රථ අනතුරකින් විදෙස් ජාතිකයෙකු ඇතුළු 05කට තුවාල
කොළඹ – කතරගම ප්රධාන මාර්ගයේ අම්බලන්තොට එක්කස්ස ප්රදේශයේදී අද (24) පෙරවරුවේ ලංගම බස් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් බස් රථයේ ගමන්ගත් විදෙස් ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු බරපතල තුවාල ලැබීය.
අනතුරින් තුවාල ලැබූ විදෙස් ජාතිකයා පෝලන්ත ජාතිකයෙකු වන අතර තුවාල ලැබුවන් අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව හම්බන්තොට මහරෝහලට වැඩිදුර ප්රතිකාර සදහා මාරුකර යැවීය. බරපතල තත්වයේ පසු වූ විදෙස් ජාතිකයා ගාල්ල කරාපිටිය රෝහල වෙත යවා ඇත.
අනතුර සම්බන්දයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර අම්බලන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
