News

බස් රථ දෙකක් ගැටී කුඩා දරුවෙක් මරුට

දඹුල්ල මාතලේ ඒ 09 ප්‍රධාන මාර්ගයේ නාලන්ද ප්‍රදේශයේදී අද(21)උදෑසන පුදගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තවත් විශාල පිරිසක් බරපතළ තුවාල තිබේ.

දඹුල්ල, විහාර හන්දිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාද වන්දනා චාරිකාවක් සඳහා යමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් හා මහනුවර සිට කදුරුවෙල හා මඩකලපුව යමින් තිබු බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.

පුද්ගලයින් 50 දෙනෙකු පමණ බස් රථවල සිට ඇති අතර එයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

පුද්ගලයින් 50 දෙනෙකු පමණ බස් රථවල සිට ඇති අතර ඉන් 12 හැවිරදි කුඩා දරුවෙකු මියගොස්, එයින් 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වෙයි.

තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට නාලන්ද, දඹුල්ල සහ මාතලේ රෝහල්වලට ඇතුලත් කර තිබේ.

ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ තුවාලකරුවන් හත්දෙනෙකු මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා තිබේ.