බස් රථයක් තුල බෝම්බයක් ආකාරයෙන් පාර්සලයක් දමා ජනතාව බිය ගැන්වූ අයෙක් අත්අඩංගුවට
රට තුල පැන නැගී තිබෙන හදිසි වාතාවරණය තුල ඊයේ දිනයේදී අම්බලන්තොට කොග්ගල්ල මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථයක් තුල බෝම්බයක් ආකාරයෙන් පරිඝනක කොටස් අඩංගු පාර්සලයක් දමා ජනතාව බියවැද්දීම හා නිලධාරීන් අපහසුතාවයට ලක්කරන ලද සැකකරු අද පෙරවරුවේ අම්බලන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ බස් රථය තුල තිබූ පාර්සලය සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත් වූ අම්බලන්තොට පොලිස් ස්ථානයේ නිලධාරීන් අද අලුයම සැකකරුගේ නිවසේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත සැකකරු අම්බලන්තොට කොග්ගල්ල වරාගොඩ ප්රදේශයේ පදිංචි 33 හැවිරිදි පුදගලයෙකු වන අතර ඔහු යුධ හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.
සැකකරු පරණ යකඩ එකතු කරන පුද්ගලයෙකු වන අතර ඔහු මුස්ලිම් ජාතිකයෙකු ආකාරයෙන් කොණ්ඩය සහ රැවුල වවා සිට ඇති අතර මෙම සිදුවීමෙන් පසු අද රැවුල සහ කොණ්ඩය කපා ඇති බවද පොලීසිය පවසයි.ඔහු එකතු කරන ලද පරණ යකඩ වල තිබූ පරණ පරිඝනක කොටස් මෙලෙස බස් රථය තුල දමා ගොස ඇතිබව වැඩි දුරටත් අම්බලන්තොට පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත සැකකරු අද හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.