News

බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි – 07 දෙනෙකු මරුට

මොණරාගල – බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී බස්රථයක් ප්‍රපාතය කට පෙරළී ඇති අතර අනතුරින් පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද (20) උදෑසන 7.15 ට පමණ ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් එලෙස ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එසේම අනතුරින් තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.