News

බස් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටීමෙන් කුඩා දැරියක් මරුට දෙදෙනෙකුට තුවාල

ඌරුබොක්ක,ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කුරුඳුවත්ත ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් කුඩා දැරියක් මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු එහි පිටුපස ගමන් කළ කාන්තාවක් සහ දැරිය හීගොඩ රෝහලට ඇතුලත් කර තඇති අතර බරපතල තත්ත්වයේ පසු වූ කුඩා දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

මියගොස් ඇත්තේ 08 හැවිරිදි මිද්දෙණිය, මෑල්ලකැටිගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.

එනම අනතුර සම්බන්ධයෙන් බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.