බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇත.
මේ වනවිට පළාත් සභා 7 ක නිල කාලය අවසන් වී ඇති අතර ඒ සියල්ල මේ වනවිට පාලනය කරනු ලබන්නේ ආණ්ඩුකාරවරුන් විසින්ය.
සබරගමුව, නැගෙනහිර හා උතුරුමැද පළාත් සභාවල නිල කාලය 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී, අවසන් වූ අතර එම පළාත් සභා ආණ්ඩුකාරවරුන් යටතට පත්වී මේ වනවිට වසරකුත් මාස 7කුත් ගත වේ.