News

බහුදින යාත්‍රාවලට මුහුදු යාමට තිබෙන බාධා ඉවත් කිරීමට පියවර

බහුදින යාත්‍රාවලට මුහුදු යාමට තිබෙන සියලු බාධා ඉවත් කර ඒවාට මුහුදු යාමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා කටයුතු​ යොදා ඇත.

නුදුරේදීම මුහුදු ගොස් පැමිණෙන බෝට්ටුවලින් රැගෙන එන සියලු මාළු වර්ග ධීවර සංස්ථාව සහ පෞද්ගලික තොග වෙළෙඳුන් මගින් මිලදී ගැනීමට ක්‍රමවේදයක් සකස් කරන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

ධීවර සංස්ථාව මිලදී ගන්නා මාළු ග්‍රෑම් 250, ග්‍රෑම් 500 සහ කිලෝග්‍රෑම් 1 වශයෙන් පැකට් කර ජනතාව අතර බෙදාදීමටද පියවර ගෙන තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවේ කර්මාන්තශාලාවක නිෂ්පාදනය කරන සැමන් ටින් එකක් නිෂ්පාදනයට රුපියල් එකසිය හැත්තෑවක් පමණ වැය වන බැවින් රජයේ පාලන මිල වන රුපියල් සියයට දේශීය සැමන් අලෙවියට රජයෙන් රුපියල් හැත්තෑවක සහනයක් ලබාදෙන බවද ඇමැතිවරයා සඳහන් කරයි.