News

බාප්පාගේ පිහි පහරින් ඥාති පුතා මරුට

වී මල්ලක් සම්බන්ධ ගැටලුවක් මුල් කර ගනිමින් තම වැඩිමහල් සහෝදරයාගේ නිවසට ගොස් ගැටුමක් ඇතිකර ගත් පුද්ගලයකු’ එල්ල කරන ලද පිහි පහරකින් වැඩිමහල් සහෝදරයාගේ වැඩිමහල් පුත්‍රයා මියගොස් ඇති බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

මෙලෙස තම බාප්පා එල්ලකළ පිහිපහරින් මියගොස් තිබුනේ බෙලිඅත්ත තාරපේරිය ප්‍රදේශයේ 20 හැවිරිදි තරුණයෙකි.

පිහිපහර එල්ලකර තිබුනේ මියගිය තරුණයා වැඩපලක සේවය කර නිවසට එන අතරතුර දීය. තුවාල ලැබූ තරුණයා රෝහල් ගතකිරීමට රැගෙන යන අතරතුර දී මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරනවා.

සිරුර බෙලිඅත්ත දිසා රෝහලේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර තංගල්ල මුලික රෝහලට රැගෙනයාමට නියමිතය.

ඝාතනය සිදුකළ තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට සිදුව ඇති තුවාල හේතුවෙන් තංගල්ල මුලික රෝහලට ඇතුලත් කර ඇත.