බීඩි ඔතන දුම්කොළ කිලෝ ග්රෑම් 820ක් මන්නාරමින් අල්ලයි
බීඩි එතීමට යොදාගන්නා දුම්කොළ කිලෝ ග්රෑම් 820ක් මන්නාරම අඩම්පන් ප්රදේශයේ සඟවා තිබියදී අද(14) සොයාගත් බව මන්නාරම අඩම්පන් පොලීසිය පවසයි.
පොලිසියට ලද තොරතුරක් මත අදාළ දුම්කොළ තොගය සඟවා තිබියදී සොයාගැනීමට හැකිවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිසිවෙකුත් වැටලීම සිදුකරන අවස්ථාවේ අත්අඩංගුවට නොඑන ඇති බව පොලීසිය සඳහන් කළේය.
කිසියම් පිරිසක් ජාවාරමක් වෙනුවෙන් අදාළ දුම්කොළ තොගය සඟවා තිබියදී සොයාගැනීමට හැකි වී ඇත. සොයාගත් දුම්කොළ තොගය මන්නාරම මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.