බීමත් රියදුරන් 8635ක් අත්අඩංගුවට
දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමේ පසුගිය 05 වැනිදා සිට මේ වන විට බීමත් රියදුරන් 8635ක් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ ඊයේ (13) උදෑසන 6 .00 සිට අද (14) උදෑසන 6.00 දක්වා පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 147දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මෙම විශේෂ මෙහෙයුම තවදුරටත් ක්රියාත්මක බව පොලිස් මූලස්ථානය සදහන් කළේය.
