බුර්කා තහනම ලබන සතියෙ කැබිනෙට්ටුවට
මුස්ලිම් කාන්තාව පලඳින බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (15දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමන් සිකුරාදා (12දා) දිනයේ අත්සන් තැබූ බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර ‘සති අග අරුණ’ ට පැවැසීය. මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක් නොවූ බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වසාගෙන අඳිනු ලබන කාන්තා ඇඳුම) පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලදී පවා යොදාගත් බව අනාවරණය විය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරටදීත් බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසමේදීත් නිර්දේශ වී තිබේ.
තිස්ස රවින්ද්‍ර පෙරේරා