News

බූස්සේ රැඳවියන් 17කට කොවිඩ් ආසාදිතයි

 

බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 17කට සහ ඇල්පිටිය පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු කොවිඩ් ආසාදිත බව අද (09) සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

බුස්ස බන්ධනාගාරයේ ආසාදිතයන් 17ක් වාර්තා වීමත් සමග ආශ්‍රිතයන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට සැලසුම් කර ඇති අතර ආසාදිතයන් පිරිස රෝහල් කරා යොමු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

මේ අතර ඇල්පිටිය පොලීසියේ නිලධාරීන් තිදෙනෙකු කොවිඩ් ආසාදනය හේතුවෙන් පසුගිය 07 වන දා පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර නිලධාරීන් තිදෙනෙකු ආසාදිත බව හඳුනාගෙන ඇත. මේ අනුව ඇල්පිටිය පොලීසියේ නිලධාරීන් 06 දෙනෙකු ආසාදිත බව හඳුනාගෙන තිබේ .