News

බෙන්ස් රථයක් නැතිනම් නඩුවලට එන්න බැහැ

තමන්ට බෙන්ස් රථයක් ලබාදීමට කටයුතු නොකරන්නේ නම් නඩු විභාග සඳහා දායකවීමට නොහැකි වනු ඇතැයි නීති අංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රධානියකු අධිකරණ අමාත්‍යාංශයට දන්වා ඇත.

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේ පැවැති විගණන හා කළමනාකරණ රැස්වීමේදී මේ බව අනාවරණය විය.

මෙම ජ්‍යෙෂ්ඨ ප්‍රධානියා වෙනුවෙන් පෙනී සිටි නියෝජිතයකු විසින් බෙන්ස් රථයේ අර්බුදය ගැන විගණන හා කළමනාකරණ රැස්වීමේදී පෙන්වාදී ඇත.

දෙපාර්තමේන්තුවල විසඳුම් නැති ප්‍රශ්න ගැන සාකච්ඡා අතරේ බෙන්ස් රථ ගැටලුවද ඉදිරිපත් කර තිබේ.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා