භාණ්ඩ අපනයනය අරඹයි
භාණ්ඩ අපනයනය කිරීම සඳහා නැව්ගත කිරීම ඊයේ (23) සිට ආරම්භ කළ බව වරාය සහ නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.
විදේශීය රටවලින් ඉල්ලා ඇති තේ කොළ, ඉස්සන් ආදී අපනයනය කළ යුතු භාණ්ඩ මෙලෙස නැව්ගත කළ බව අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසයි.
වරාය පරිශ්‍ර විෂබීජ හරණය කිරීමද පසුගිය දෙදින තුළ අවසන් කර ඇත.
අත්‍යාවශ්‍ය අපනයන භාණ්ඩ සහ අපනයනය කිරීම සඳහා නිමකර ඇති භාණ්ඩ සහ ද්‍රව්‍ය අපනයනය කිරීමට සහනයක් ලබාදෙන ලෙස ව්‍යාපාරිකයන් රජයෙන් ඉල්ලා සිටියහ.
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්ත වීම නිසා නිසි වේලාවට භාණ්ඩ අපනයනය කිරීමට නොහැකි වුවහොත් නැවත ඇණවුම් නොලැබීමේ තත්ත්වයක් උදාවන බව ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි.
එහිදී භාණ්ඩ අපනයනය කිරීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට තීන්දු කෙරිණි.
උදයජීව ඒකනායක
