භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය
ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කල් බදු පදනම මත ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
භාණ්ඩ ප්‍රවාහනයේදී අපනයන කාර්යන්ට සහාය වීම සඳහා ගුවන් යානා නොමැති බැවින් ගුවන් භාන්ඩ ප්‍රවාහන විභවතාව නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සමගම පෙන්වා දී ඇත.
මේ අනුව ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගමනාන්ත 26ක් වෙත මේ වනවිටත් භාණ්ඩ ප්‍රවාහනය සිදුකරමින් ඇති බවත් සඳහන් කරයි.
අදාළ යෝජනාව සංචාරක අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබුණි.