භූමිතෙල් සහනාධාරය නිසි පරිදි ජනතාවට නොලැබෙන බව හෙළිවේ
ගුවන් යානා ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන 47500ක් ගෙවිය යුතු බව විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.
මෙම මුදල අයකර ගැනීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබේ.
රජය විසින් ලබාදෙන භූමිතෙල් සහනාධාරය නිසි පරිදි ජනතාවට නොලැබෙන බවද මෙහිදී හෙළි වී ඇත. භූමිතෙල් සහනාධාරය ලබාදෙන්නේ කුඩා කර්මාන්ත සහ ධීවර ප්‍රජාව සඳහාය. භූමිතෙල් ලීටයරකින් රුපියල් 20ක පාඩුවක් සහනාධාරය ලබාදීමේදී සිදුවන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.
භූමිතෙල් සහනාධාරයට මුවාවෙමින් පෞද්ගලික බස්රථ ධාවනය සඳහා ඩීසල් සමග භූමිතෙල්ද භාවිත කරන බව නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ. බස්රථවල වේගය වැඩි කිරීමට භූමිතෙල් භාවිතය හේතුවක් වන බව අනාවරණය වී තිබේ.
භූමිතෙල් සහනාධාරය නිසි පරිදි ලැබීම පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මෙහිදී ප්‍රකාශ කර ඇත.
උදයජීව ඒකනායක
