News

මංගල උත්සවයට පැමිණි ආසාදිත කාන්තාව මියගිහින්

 

 

කොටදෙනියාව ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක පැවති විවාහ මංගල උත්සවයකදී එයට සහභාගී වූ වයස්ගත කාන්තාවක රෝගාතුරව මියගොස් තිබේ.

මියගිය කාන්තාවට කරන ලද කොවිඩ් පරීක්ෂාවේ දී ඇය ආසදිතව මියගොස් ඇති බව හඳුනාගෙන ඇති අතර මනාල යුවල නිරෝධායනය සඳහා යොමුකර ඇති බව දිවුලපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (26) සඳහන් කර ඇත.

එම ආසදිතව මියගිය කාන්තාව මාතර ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි කාන්තාවක් වනවා.

මියගිය කාන්තාව රෝගීවූ අවස්ථාවේ රෝහල් ගතකිරීම සඳහා සහයවූ 8 දෙනෙකු සහ ඇය සමග මංගල උත්සවයට වාහනයෙන් පැමිණි අයවලුන්ට තම නිවෙස් තුලම නිරෝධායනයට යොමු වන ලෙස උපදෙස් ලබා දුන් බව මහජන සෞඛය පරීක්ෂකවරයා සඳහන් කරනවා.

එසේම මිත්තනිය දින 04කට පෙර නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි මනාළියගේ නිවසට පැමිණ ඇති හෙයින් එම නිවසේ පදිංචිකරුවන් ද නිරෝධායනය සඳහා යොමුකර ඇත.