‘මගේ රටට මා භාර ගන්න’ ඉතාලි නැවේ ලාංකිකයාගේ ඉල්ලීමට ජනපතිගේ අනුමැතිය
මෙරටට පැමිණෙන ඉතාලි මගී නෞකාවක සිටින ශ්රී ලාංකික අරක්කැමියකු තමා ශ්රී ලංකාවට භාර ගන්නැයි කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනුමැතිය ලබා දී ඇත. අනුර බණ්ඩාර හේරත් නමැති මෙම ශ්රී ලාංකිකයා ලෝක සංචාරයේ යෙදෙන MSC Magnifica නම් නෞකාවේ සේවය කරයි. රටට ඇතුළු වීමට අවස්ථාවක් නොලදහොත් තමා පත්වන අසීරුතාව ගැන සලකා බලා තමා ශ්රී ලංකාවට ඇතුළත් කර ගන්නැයි ඔහු ඉල්ලා ඇත. මෙම නෞකාව පැය තුනක කාලයකට අද කොළඹ වරායට පැමිණේ.
නයන තරංග ගමගේ
