News

මගේ වැඩ ප්‍රශ්න කරන්න ජනපති කොමිසමට බැහැ -නීතිපති කියයි

තමන්ගේ කටයුතු ප්‍රශ්න කිරීමට ජනාධිපති කොමිසමට බලයක් නොමැති බව නීතිපති දප්පුලද ලිවේරා ලිඛිතව දැනුම් දීමක් සිදු කර ඇත.

නිතිපතිවරයා විසින් මෙලෙස දැනුම් දී ඇත්තේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සිදුවීම් විමර්ශනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කර ඇති විශේෂ කොමිෂන් සභාවක් වෙතය.

​තමන් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ක්‍රියාකරන ආකාරය පිළිබඳව ප්‍රශ්න කිරීමට ජනාධිපති කොමිසමට හැකියාවක් නැතැයි අදාළ කොමිසමට නීතිපතිවරයා විසින් ලිඛිතව දැන්වූ බව නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී අධිනීතිඥ නිශා​රා ජයරත්න ප්‍රකාශ කරයි.

අදාළ කොමිසමේ ලේකම්වරියට ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර සිතාසි නිකුත් කර තිබිණි. එම සිතාසියට අනුව ලේකම්වරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් පර්ල් කේ. වීරසිංහ ලේකම්වරියට එරෙහිව දෙවන වතාවටත් වරෙන්තු නිකුත් කර ඇත. නීතිපතිවරයා සහ කොමිසම අතර මත ගැටුමක් නිර්මාණය වී ඇත්තේ අදාළ නඩු කටයුත්තට සහ නඩු කිහිපයක ක්‍රියාකාරිත්වයට අදාළවය.

නයන තරංග ගමගේ