News

මට නියෝග දෙන්න ජනාධිපති කොමිසමට බලයක් නැහැ – නීතිපති කියයි

අධිකරණය හමුවේ පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් තමාට නියෝග ලබාදීමට ජනාධිපති කොමිසමට කිසිදු නෛතික බලයක් හෝ ව්‍යවස්ථානුකූල බලයක් නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා දේශපාලනමය පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසමට ඊයේ (28 වැනිදා) ලිඛිතව දන්වා තිබේ.
ඔහු මෙම ලිපිය යවා ඇත්තේ එම කොමිසමේ විමර්ශන අවසන් වන තෙක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ අද්මිරාල් වසන්ත කරන්නාගොඩට සහ කොමදෝරු ඩී.කේ.පී. දසනායකට එරෙහි නඩු විභාග අත්හිටුවන්නැයි එම කොමිසම නීතිපතිවරයාට පෙරේදා (27 වැනිදා) සිදුකළ දැනුම් දීමට ප්‍රතිචාර දක්වමින්ය.
කලණ වීරසිංහ