News

මට්ටක්කුලියෙන් ලක්ෂ 50කට වඩා වටිනා හෙරොයින් සමඟ අයෙක් මාට්ටු

මට්ටක්කුලිය සමිතපුර ප්‍රදේශයේදී ලක්ෂ 50කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ පුද්ගලයකු අද(15) අත්අඩංගුවට ගත් බව මට්ටක්කුලිය පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙකු වන අතර පොලිසිය ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු මාළිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.