News

මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට සංවර්ධනය කරනවා

මඩකලපුව ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් තොටුපළක් බවට සංවර්ධනය කරන බවත් ඒ සඳහා ඉන්දීය රජයේ ද පූර්ණ සහාය පළව ඇති බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේය.

මෙරට ඉන්දිය මහා කොමසාරිස් තරංජිත් සිං මහතා සහ තමා අතර පැවති සාකච්ඡාවකදි මේ සම්බන්ධයෙන් අවධානය යොමු වු බව රණතුංග මහතා සඳහන් කර අතර ඉන්දියානු රජය සිය ගුවන් ගමන් සේවා මඩකලපුව ගුවන් තොටුපළ දක්වා ද සිදු කිරීමට කැමැත්තෙන් සිටින බව ඇමතිවරයා සඳහන් කළේය.