මඩකලපුවේ රිය අනතුරකින් 5ක් මරුට – තවත් 12කට තුවාල
මඩකලපුව වැලිකන්ද මාර්ගයේ කොළකනවාඩිය ප්රදේශයේදි අත් ට්රැක්ටරයක වෑන් රථයක ගැටීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් තවත් 12 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පැවසුවේ අත් ට්රැක්ටරයක වෑන් රථයක ගැටීමෙන් අද (19) අලුයම අනතුර සිදුව ඇති බවය.
මිය ගිය අය අතර කාන්තාවන් 04 දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු ද වේ.
ඔවුන් සියලු දෙනා අත් ට්රැක්ටරයේ ගමන් ගත් පුද්ගලයින්ය.
තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කළ බව පොලීසිය ප්රකාශ කළේය.
