News

මඩකළපුවේදි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

මඩකළපුව වව්නතිව් පොලීසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීණ් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ වව්නතිව් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඊයේ (03) පස්වරුවේ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වූ කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් යන කරයාකන්තිව්, කන්නන්කුඩා පදිංචි පුද්ගලයෙක් වනවා.

මේ අනුව මෙම සිද්ධියට අදාළව මොහු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට වැඩිදුර විමර්ශන සදහා භාරදීමට නියමිතයි.