News

මත්තල ආරක්ෂාවට ගුවන් කඳවුරක්

මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ගුවන් හමුදා කඳවුරක් ස්ථාපනය කිරීමට රජය තීරණය කර ඇත.

එම කඳවුර සඳහා ගුවන් තොටුපොළට යාබද අක්කර 200ක භූමි ප්‍රමාණයක් වෙන්කර දීමට ඇමැති මණ්ඩලය තීරණය කළේය.

ශ්‍රී ලංකාවේ සියලුම ගුවන් තොටුපොළවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගුවන් හමුදාවට පවරා ඇති වගකීම ක්‍රියාත්මක කිරීමේ තවත් පියවරක් ලෙස මෙම ගුවන් හමුදා කඳවුර ස්ථාපනය කරන බව රජය ප්‍රකාශ කරයි.

ඒ අනුව කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළට ලබාදෙන ආරක්ෂාවට සමාන ආරක්ෂාවක් මත්තල ගුවන් තොටුපොළටද මෙම නව කඳවුර හරහා ගුවන් හමුදාව විසින් සැපයීමට නියමිතය.

 

නයන තරංග ගමගේ