මත්ද්‍රව්‍ය නිවාරණයට සිංගප්පූරුවේ පූර්ණ සහාය ජනපතිට
මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳුන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකඟතාවය පළ කරයි.
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඞ් ලී (Desmond Lee) මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් අද (24) පෙරවරුවේ මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේ දී පැවත්වුණු අතර, ශ‍්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිතුමා එහිදී කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් මෙම එකඟතාවය පළ කෙරිණි.
ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ උදෙසා සිංගප්පුරුවේ සහය ලබාදීම පිළිබඳ සොයා බැලීමට සිංගප්පූරු රජය ද නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් නුදුරේම ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය.
සිංගප්පුරු රජය මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව අනුගමනය කරන්නා වූ කි‍්‍රයාදාමයන් පිළිබඳවත්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවන් එරට රජය දියත්කරන ජාතික වැඩසටහන් පිළිබඳවත් ජනාධිපතිතුමා වෙත මෙහිදී නිලධාරින් කරුණු ඉදිරිපත් කළහ. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් එරට අමාත්‍යාංශ කිහිපයක් ජාතික මට්ටමින් ක‍්‍රියාවට නංවා ඇති වැඩසටහන්වල වත්මන් ප‍්‍රගතිය පිළිබඳව ද ජනාධිපතිතුමා දැනුවත් කෙරිණි.
ශ‍්‍රී ලංකාව ට මහත් ව්‍යසනයක්ව ඇති මත් උවදුර පාලනය සහ මර්දනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ද ජාතික මට්ටමින් කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිතුමා මෙහිදී අදහස් දැක්වීය. එමෙන්ම මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් අගයමින් ඔවුන් වෙත ජනාධිපති සම්මාන පිරිනැමීමට තමා ඉදිරි සතියේ දී පියවර ගන්නා බව ජනාධිපතිතුමා සඳහන් කළේය.