මතින් තොර රටක් සදහා සමස්ථ ධිවර ජනතාවගේ සහය – ඇමති දිලිප් පෙරමුණ ගනී
මුහුදු මාර්ග ඔස්සේ රට තුලට විෂ මත්ද්‍රව්‍ය රැගෙන එම වැලැක්වීම මගින් අතිගරු ජනාධිපතිතුමාගේ මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙලට ශක්තියක් වීම සදහා සමස්ථ ධිවර ප්‍රජාවම දායක කරගැනීමේ ජාතික ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා තීරණය කර ඇත .
මේ යටතේ රට වටා ඇති සියළු තොටුපල සහ ධිවර වරායන් ජාලයක් ලෙස මෙම ජාතික වැඩපිළිවෙල සදහා දායක කරගැනීමට සැලසුම් කර තිබේ .
ධිවර ක්ෂේත්රයට හදුන්වා දුන් “ නිල් ආර්ථික ” වැඩපිළිවෙල යටතේ ප්‍රජා මුලික කළමණාකරණ ක්‍රමවේදය ඔස්සේ දැයේ අනාගත පරපුර මතින් නිදහස් කරගැනීම පිණිස මෙම ක්‍රියාන්විතය සැලසුම් කර ඇත .
ධීවර වරාය නීතිගත සංස්ථාවට නව ප්‍රධානින් පත් කල වහාම වරාය කළමනාකරණ කම්ටු පිහිටුවා , එම කම්ටු මගින් කළමනාකරණය , ධිවර වරාය සංවර්ධනය සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම රාජ්‍ය අමාත්‍යතුමාගේ වැඩපිළිවලය .
එලෙස රටතුලට විෂ මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලිසියට , පොලිස් විශේෂ කාර්ය බලකායට , ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට සමස්ථ ධිවර ප්‍රජාවගේම සහය මෙම වැඩපිළිවෙල ඔස්සේ හිමි කර දීම අරමුණ බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මැතිතුමා සදහන් කළේය .