මදූෂ්ගේ ඥාති සොහොයුරා 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට
මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කළ මදූෂ්ගේ ඥාති සොහොයුරා වන නිලාන් රොමේෂ් සමරසිංහ එළඹේන 22වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරු අද (18) ඉදිරිපත් කළ අවස්ථාවේදි මෙම නියෝගය ලැබී ඇති අතර ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු වු මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහිදි අත්අඩංගුවට ගත් තවත් පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ (17) මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත්තේය.