News

මධ්‍යම කදුකරය තුල අධික සිතල කාලගුණ තත්වයෙන් එලවළු වගාවට සහ තේ වගාවට බලපැම්

මධ්‍යම කදුකරය පුරා මේ දිනවල අධික සිතල කාලගුණ තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට මෙන්ම එලවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වි ඇත.

අලුයම් කාලයේ සිට රාත්‍රි කාලය තෙක්ම මෙම අධික සිතල කාලගුණ තත්ත්වය පවතින අතර පවතින අධික සිතල කාලගුණ තත්ත්වයත් සමග තේ වගාවට මෙන්ම එලවළු වගාවටද බලපැමක් එල්ල වි ඇති බවයි වතු අධිකාරිවරුන් සහ එලවළු ගොවින් කියා සිටින්නේ.

අධික සිතල හේතුවෙන් තේ ගස් පිලිස්සි යන බවයි වතු අධිකාරිවරුන් කියා සිටින්නේ. පවතින අධික සිතල කාලගුණ තත්ත්වය හමුවේ වැවෙන සිමිත තේ දළු ප්‍රමාණයෙන් නිෂ්පාදනය කරන තේ කොළ සදහා ඉහල ඉල්ලුමක් පවතින බවද වතු අධිකාරිවරුන් කියා සිටියි.

පවතින අධික සිතල කාලගුණ තත්ත්වය ඉදිරියේදි මල්තුහින පතිත විම දක්වා වර්ධනය වන බවයි එලවළු වගා කරන ගොවින් කියා සිටින්නේ.

හැටන් රංජිත් රාජපක්ෂ