News

මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන සිට මෙරටට පිටුවහල් කළ ෆයිසර් 24 දක්වා රිමාන්ඩ්

මාකඳුරේ මධුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද (10) අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

37 හැවිරිදි මොහොමඩ් නසීම් මොහොමඩ් ෆයිසාර්ගෙන් පැය 24ක් රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීමට ඊයේ අධිකරණය අවසර ලබා දුන් අතර මොහු මනුෂ්‍ය ඝාතන සහ අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි අපරාධකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.