News

මධුෂ්ගේ අනියම් බිරිඳගේ මෝටර් රථයක් හමුවෙයි

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි හි සිටින අනියම් බිරිඳ තිලානි නිෂායා තිලකරත්නට අයත් බව කියන මෝටර් රථයක් පාදුක්ක පෝරෙගෙදර ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන ඇත.

අදාළ මෝටර් රථය සමඟ එහි සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන පාදුක්ක පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවය.